Music Class

I think music in itself is healing. It's an explosive expression of humanity. It's something we are all touched by. No matter what culture we're from, everyone loves music.

- Billy Joel -

ශ්‍රී ලංකාවේ සංගීතය

ශ්‍රී ලංකාවේ සංගීතය සාම්ප්‍රදායික චාරිත්‍ර මුල්කරගෙන පැවතගෙන එන අතර ඒ සඳහා කරුනු තුනක් මුලික වේ: බෞද්ධාගමික පසුබිම, පෘතුගීසීන් ජනපද පිහිටුවිමෙන් පසුව ඇති වන බලපෑම,ඉන්දියනු සංස්කෘතියෙන් ඇතිවන වාණිජමය හා ඵෙතිහාසික බලපෑම- විශේෂයෙන්ම ඉන්දියනු සිනමාව. බුද්ධාගම සහස්‍ර වර්ෂ දෙකකට ප්‍රaථම ලංකාවට පැමිණීමත් සමගම ශ්‍රී ලාංකීය සංගීතයට ථෙරවාද බුදුදහමින් විශාල බලපෑමක් සිදුවිය.

 

වර්ෂ 1400 මැද භාගයේ දී පෘතුගීසීන් ජනපද පිහිටවිමත් සමගම උකුලෙලෙස, ගිටාරය හා ජනකවි ශ්‍රී ලාංකීය සංගීතයට එකතු විය. තවද අප්‍රිකානු වහලුන් කපිරිඤ්ඤා බයිලාද ශ්‍රී ලාංකීය සංගීතයට එකතු කළහ.

 

 

ජනකවි

විවිධ කුල ( ගොවි,කරත්ත,පතල්කරු ) සදහා ආවේනික ජනකවි පංති ශ්‍රී ලාංකිය සංගීතයේ පවති. එදිනෙදා ජීවිතයේ නොයෙක් කාර්යයන් සිදුකරන විට මහන්සිය, කාලය ගෙවාගැනීම පිණිස මොවුන් මෙවැනි ජනකවි භාවිතා කලද, මෙවැනි ජනකවි සාම්ප්‍රදයික භාවප්‍රකාශනයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ ලාංකීය සංගීතය මනාව ඔපුනන්වමිනි.

 

ජනකවි ජනචාරිත්‍ර හා අත්වැල් බැන්දගත්තද වර්තමනයේ ජනචාරිත්‍ර මිනිසුන් හැර ගියද ජනකවි මිනිසුන් අතර ප්‍රචලිතව පවතී.

 

තවත් ශ්‍රී ලාංකීය ජනකව් අංගයක් වනුයේ විරිඳු ගායනයයි. විරිඳු ගායනය සඳහා ක්ෂණිකව පිළියෙල කළ ගී හා රබානක් යොදාගැනේ. අතීතයේ විරිඳු ගායකයන් අතර විරිඳු තරඟද පැවතුනි.

 

 

ආවේනික වාද්‍ය භාණ්ඩ

ඵෙතිහාසික තොරතුරු හා සාක්ෂින් වලට අනුව වාද්‍යය භාණ්ඩ විශාල වශයෙන් නොයෙක් කණ්ඩායම් යොදා ගත්තද වර්තමානයේ වාද්‍යය භාණ්ඩ වර්ග 7ක් ශ්‍රී ලාංකීය සංගීතය සඳහා යොදාගැනේ.

 

ගැට බෙර වාදකයෙක්

1. ගැටබෙර -: උඩරට බෙර ලෙසද සැලකේ. අත් දෙකෙන් වාදනය කරයි.

 

2. තම්මැට්ටම -: බෙර දෙකකින් සැදුම්ලත් තම්මැට්ටම වාදනය කිරිම සඳහා කෝටු දෙකක් යොදාගැනේ. මෙය බොන්ගෝ වාද්‍යය භාණ්ඩය ආකාරය ගනී.

 

3. යක් බෙරය -: පහතරට බෙරය ලෙසද සලකන අතර අත්දෙක භාවිතයෙන් මෙය වාදනය කෙරේ.

 

4. උඩැක්කිය -: කුඩා, වැලි ඔරලෝසුවක හැඩයෙන් යුත් බෙරයක් වන අතර එක් අතකින් රෙදිකඩේ ආතතිය වෙනස් කරමින් අනික් අතින් මෙම වාද්‍යය භාණ්ඩය වාදනය කෙරේ.

 

5. අත් රබාන -: තම්බොරින් වාද්‍යය භාණ්ඩය ආකාරය ගත් රබානකි.

 

6. දවුල -: යක් බෙරයට සමානකම් තිබුනද ඵක් හිසක් ඵක් අතකින්ඩ අනෙක් හිස කෝට්ටක් යොදාගෙන වාදනය කෙරේ.

 

7. බංකු රබාන -: අත් රබානට ඉතා සමීපකමක් තිබුනද ප්‍රමානයෙන් ඉතා විශාල වේ.

 

වර්ෂ 2000 දී කලාශූරී පියසර ශිල්පදීප්ති විසින් ගවුල නම් වූ බෙරයක් හදුන්වා දී ඇත.මෙය එක් ගැටබෙර හිසක් හා එක් දවුල් හිසකින් සැදුම්ලන අතර මෙම වාද්‍යය භාණ්ඩය වාදනය කිරීම සදහා විවිධ රිද්ම රාශියක්ද මොහු විසින් හදුන්වා දී තිබේ. තවත් වාද්‍යය භාන්ඩයක් වන ඩොල්කිය ඉන්දියානු සම්බවයෙන් ලාංකීය සංගීතයට දායාද වුවද වර්තමාන සංගීතඥයින් විශාල වශයෙන් මෙම වාද්‍යය භාණ්ඩය භාවිත කරයි. ඵනමුත් දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සමාජීය වෙනසක් මේ තුලින් ඇති වු බවට සාක්ෂි නොමැත.

 

බටහිර සංගීතය

19 වන සියවසේ බ්‍රිතාන්‍යය ජනපද ඇතිවිම සමග බටහිර සංගීතය ලාංකීය සංගීතයේ මුල්බැස ගත්හ. තවද බටහිර සංගීතය විෂයක් ලෙස ද්වීතික පාසල් වල උගැන්වුවද ඉහල පැලැන්ති වල පුද්ගලයන් බටහිර සංගීතය ඔපුනන්විමේලා මහත් වෙහෙසක් ගත්හ. දකුණු ආසියවේ පැරණිම වාද්‍යය වෘන්දය වනුයේ සින්පෝනි වාද්‍යය වෘන්දයයි. තවද ජාතික යෞවන වාද්‍යය වෘන්දය බටහිර සංගීතය කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි ප්‍රචලිත කිරීම උදෙසා මහත් වෙහෙසක් දැරූහ.

 

 

 

 

 

Music Class Photo Gallary

HIGHER EDUCATIONAL INSTITUTE

Voice: 077 1303 217

Home

Why Maxford

Teachers

Contact

Gallery

New

Maxford Life...!

 

GET IN TOUCH

Submitting Form...

There was an error with your submission. Please try again.

Thank you for submitting your query. One of our representatives will be in touch with you shortly.

Ganemulla, Sri Lanka.

033-2264876

033-2264276

077-1303217

Design by MS CREATIONS 0718 100541

HIGHER EDUCATIONAL INSTITUTE