Mathematics
ගෙවී ගිය වසර 18ක සිය අභිමානවත් ගුරු භූමිකාව තුළ,
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් ශිල්ප හදාරා ලබාගත් ශිල්පීය ඥානයත්, විද්වතුන් හා බුද්ධිමතුන් ඇසුරෙහි ලබාගත් සමාජීය දැනුමත් එක් කැටි කොට තමන් වෙත පැමිණෙන ආදරණීය දරු දැරියන් හට ගණිත දැනුම ලබා දෙන ඔහු, තමන්ට එල්ල වූ අභූත චෝදනා සහ විවිධ බාධක හමුවේ අද වන විට මුළු උපකාරක පන්ති ක්‍ෂේත්‍රයම දිග්විජය කරමින් මේ ජයග්‍රාහී ගමන පැමිණ ඇත. දයාබර සිසු දරු දැරියන් වෙනුවෙන් ම දිවා රෑ නොබලා කැප වී විනය, විෂය, කැපවීම සහ අත්දැකීම සිසුන්ගේ ජයග්‍රහණයට හේතු වන බව සියල්ලන්ටම පසක් කර දී ඇත. සාර්ථකත්වය වෙත පිය නැගීමට වෙහෙසෙන දරුවන්ගේ ජීවිත ආලෝකමත් කිරීමට අවශ්‍ය අරමුණු ලබා දෙමින් සුපිරි බුද්ධිමතුන් බිහි කිරීමේ ක්‍රියාවලියේ වැඩිම සාමාන්‍ය පෙළ සිසුන් සංඛ්‍යාවකට ගණිත විෂයය උගන්වන්නේත්, අද වන විට නිතැතින් ම ගණිත විෂය උගන්වන ගුරු කුලයේ ප්‍රමුඛත්වය උසුලන්නේත් ගණිත විෂයයේ A සාමාර්ථ ලාභීන්ගේ ප්‍රතිශතය දෙගුණ තෙගුණ කළ සුවිශේෂී ඉගැන්වීමේ නිරත වන්නේත් ඔහු ය. ඉතාම කෙටි කාලයක දී සමස්ත ගණිත විෂය ක්ෂේත්‍රයම අතික්‍රමණය කළ ඔහුව අනුකරණයකින් පවා කිසිවෙකුටත් ලංවිය නොහැකි වූ ඒ සුවිසල් ගුරු භූමිකාව අනාගතයේ දී අභිබවා යා හැක්කේ නම් ඒ ඔහුටමය. ඒ අන් කවරෙකුවත් නොව. විශිෂ්ටතම ගණිත පන්ති මාලාවේ ආදරණීයම දේශක සුමේධ ජයවර්ධන නම් වූ ඒ ශ්‍රේෂ්ඨ ඇදුරාණන්ය.
සුමේධ ජයවර්ධන
The Most Affectionate Teacher Of
The Best Maths Class
SUMEDHA JAYAWARDANE
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium