Science
කොස්සින්න ශ්‍රී සීලානන්ද මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ගලහිටියාව ජාතික පාසලෙන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ස්වාභාවික විද්‍යාපීඨයට ඇතුළත් ව සාමාන්‍ය පෙළ නව විෂය නිර්දේශය ඉගැන්වීමට අත්‍යවශ්‍ය වන සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව යන විෂයන්ගෙන් ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ගණේමුල්ල මාකොළ වැලිවේරිය නිට්ටඹුව යන ප්‍රදේශ කිහිපයක ම සාමාන්‍ය පෙළ විද්‍යා විෂය උගන්වන මෙතුමා වසර දහඅටක් පළපුරුදු ප්‍රවීණ විද්‍යා ගුරුවරයෙකි. නව විෂය නිර්දේශයට අදාළ විශේෂඥ පුහුණු ගුරුවරයෙකු වන මොහු විද්‍යා විෂයෙහි ගැඹුරු බව සරල අන්දමින් විදහාපාමින් නූතන තාක්ෂණික ඉගෙනුම් ආධාරක භාවිතයෙන් මනා අත්දැකීම් සහිතව විද්‍යා දැනුම ළමා පරපුරට ලබා දීමට ඔහුගේ කුසලතාවයන් පෙන්නුම් කරන්නකි. එම කුසලතාවන් අතර විද්‍යා ග්‍රන්ථ කිහිපයක්ම ප්‍රකාශයට පත් කිරීම, බොහෝ දුෂ්කර පාසල් වල ජනප්‍රිය විද්‍යා දේශකයකු ලෙස කටයුතු කිරීමද මනාව ප්‍රදර්ශනය වේ. පන්ති කාමරයේ දී සිදුකළ හැකි සියලුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් විශේෂයෙන්ම විද්‍යුතය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව විශේෂ ක්‍රියාකාරකම් සිදුකරමින් ද එසේ නොහැකි අවස්ථාවලදී මල්ටිමීඩියා තාක්ෂණය භාවිතයෙන් ඒවා ප්‍රදර්ශනය කරමින් දරුවන්ට දැනුම ලබාදීම, සැමට කලින් විෂය නිර්දේශය අවසන් කර විභාගයට ළමුන් සූදානම් කිරීම ද සුවිශේෂී ලක්ෂණයකි. ඔබ සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක් සහිතව විද්‍යා පාඨමාලාව සූදානම් කර ඇති බැවින් මෙතුමා ගේ විද්‍යා පන්තියට සහභාගී වී වෙනස අත් විඳ ගැනීමට ඔබට ඇරයුම්...!
විජිත දේවගේ
Dip. in Science
VIJITHA DEWAGE
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium